ලෝක කුසලාන ඔට්ටුව පරදියි; නෝර්වීජියානු ගුවන් සේවයේ ලාංජනය වෙනස් වෙයි. ✈️ ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී එංගලන්තය සහ නෝර්වේ රාජ්‍යය අතර පැවැති තීරණාත්මක තරඟයකින් පසු, ගෝලීය ගුවන් සේවා සමාගම් දෙකක් අතර ඇති වූ ඔට්ටුවක් නිසා මේ වන විට සමාජ මාධ්‍ය කලඹා තිබෙනවා. තරඟයෙන් නෝර්වේ කණ්ඩායම පරාජයට පත්වීම හේතුවෙන්, නෝර්වීජියානු ගුවන් සේවය සිය නිල ඉන්ස්ටග්‍රෑම් ඡායාරූපය (Profile Picture) වෙනුවට බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ (British Airways) නිල ලාංඡනය යෙදීමට පියවර ගෙන තිබෙනවා. ඊයේ පැවැති මෙම තරඟයට පෙර, නෝර්වීජියානු ගුවන් සේවය විසින් බ්‍රිතාන්‍ය ගුවන් සේවය වෙත අභියෝගයක් එල්ල කර තිබුණා. ඒ, තරඟයෙන් පරාජය වන කණ්ඩායමට අයත් ගුවන් සේවය සතු සමාජ මාධ්‍ය අනන්‍යතාවය පැය 24ක් සඳහා ජයග්‍රාහී පාර්ශවයේ ලාංඡනයට වෙනස් කළ යුතු බවටයි. දුන් පොරොන්දුව ඉටු කරමින්, නෝර්වීජියානු ගුවන් සේවය අද (12) සිය අනන්‍ය රතු සහ සුදු පැහැති සන්නාම ලාංඡනය ඉවත් කර, ඒ වෙනුවට බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ සුප්‍රසිද්ධ ‘ස්පීඩ්බර්ඩ්’ (Speedbird) ලාංඡනය සිය ගිණුමට ඇතුළත් කර තිබෙනවා. -globalnewssrilanka ඉල්ලන් කනවා කියන්නේ මේවට 😂💔 𝕊𝕔𝕚𝕖𝕟𝕔𝕖 𝔽𝕒𝕔𝕥𝕤 🧬🔬
https://t.me/Science_Facts_Sl/7619